මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් 34 දෙනෙකු ප්‍රචාරක වියදම් වාර්තා මෙතෙක් ලබාදි නොමැති බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 38 දෙනෙකු තරග කෙරිණි.

ඉන් අපේක්ෂකයන් 04 දෙනෙකු පමණක් ආදායම් වියදම් වාර්තා ලබාදී තිබේ.
ඒ අනුව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක විජේදාස රාජපක්ෂ ,ශ්‍රි ලංකා සමාජවාදි පක්ෂයේ අපේක්ෂක මහින්ද දේවගේ,ස්වාධීන අපේක්ෂක ප්‍රේමසිරි මානගේ සහ කේ.ආනන්ද කුලරත්න යන අය ආදායම් වියදම් වාර්තා ලබාදී ඇත.

මැතිවරණ වියදම් සීමා කිරීමේ පනතට අනුව ලබන ඉරිදාට (13) පෙර එම වාර්තා ලබාදිය යුතුය.
අදාළ කාලසීමාව තුළ වියදම් වාර්තා ලබා නොදෙන අපේක්ෂකයන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව එම කොමිෂන් සභාව පවසයි.
13 වැනිදාට පසුව වාර්තා ලබාදුන්නද එය නීති විරෝධි ක්‍රියා යටතට ගෙන දඩුවම් ලබා දෙන බව වැඩිදුරටත් ජාතික මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කර සිටියි.

Share.

Comments are closed.

Exit mobile version