කොළඹ සිට ලන්ඩන් බලා පියාසර කරන ශ්‍රී ලංකන් ගුවන් යානාවල ගමන් මාර්ගයේ සුළු වෙනසක් සිදුකර තිබේ.

මැද පෙරදිග කලාපයේ හටගෙන ඇති යුදමය තත්ත්වය හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව සඳහන්ය. ඉරානය ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමග ඉරාක ගුවන් සීමාව මගහැර ඊජිප්තුව හරහා නව ගුවන් මාර්ගය භාවිත කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය පියවර ගෙන ඇත.

එම ගුවන් ගමන සඳහා ගතවන කාලයේ සුලු වෙනසක් සිදුවිය හැකියි. මෙය තාවකාලික පියවරක් වන බව වැඩිදුරටත් වාර්තා වේ.

Share.

Comments are closed.

Exit mobile version