අද අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී දිවයිනේ බොහෝ ස්ථානවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව සඳහන් වේ.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මන්නාරම සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට ප්‍රමාණවත් පියවර ගන්නා ලෙස ජනතාවට උපදෙස් ලබා දී ඇත.

ගිගුරුම් සහිත වැසි සමඟ තද වැසි අද දිනයේ බලාපොරොත්තු විය හැකි අතර, ස්ථාන කිහිපයක අකුණු ඇති විය හැකියි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, ඌව සහ උතුරු මැද පළාත්වල සහ ගාල්ල, මාතර, අම්පාර, මඩකලපුව, මන්නාරම, කිලිනොච්චිය සහ යාපනය යන දිස්ත්‍රික්ක වල තාවකාලික තද සුළං ඇති විය හැකි අතර, ගිගුරුම් සහිත වැසි ඇති විට අකුණු මඟින් සිදුවන හානි අවම කිරීම සඳහා,ගස් යට, තේ වතු සහ විවෘත ජල මූලාශ්‍ර වැනි විවෘත ප්‍රදේශවලින් වැලකී සිට හැකිතාක් ගෘහස්ථව රඳී සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ජනතාවට දැනුම් දෙයි.

Share.

Comments are closed.

Exit mobile version