ඉන්දු –  ශ්‍රී ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතියක් හේතුවෙන් 2024.10.09 දින සිට 2024.10.15 දින දක්වා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා සීමා කිරීමට තීරණය කර ඇත.

එම දිනවල උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල සහ දෙමෝදර අතර පිහිටි ආරුක්කු 9 පාලම මත ඉන්දු  ශ්‍රී ‍ලංකා ඒකාබද්ද සිනමා පටයක් රුගත කිරීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ඉහත දිනයන් හිදී පෙරවරු 07.30 සිට ප.ව. 17.30 දක්වා කාලසීමාව තුල කොළඹ කොටුව සහ ඇල්ල දුම්රිය ස්ථාන දක්වා පමණක් සිදුකරයි.

මෙම සිනමා පටය ප්‍රදර්ශනය කිරීමෙන් පසු ශ්‍රී ලංකාව කෙරෙහි අමතර සංචාරක ආකර්ෂණයක් ඇතිවන බැවින් ප්‍රවාහන අමාත්‍යාංශයේ අනුමැතිය මත මෙම රුගත කිරීම සිදු කරනු අතර අදාළ කාලසීමාව තුල දුම්රිය ධාවනය පහත පරිදි සිදු කිරීම සඳහා සැලසුම් කර තිබේ.

Share.

Comments are closed.

Exit mobile version