2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන තෙවන තරගය ඉන්දීය කාන්තා කණ්ඩායම සමඟ අද (09) පැවැත් වේ.

තරගාවලියේ “ඒ” කාණ්ඩය යටතේ පැවැත්වෙන තරගය එමීර් රාජ්‍ය වේලාවෙන් අද සවස 6.00ට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

අද තරගයත් ශ්‍රී ලංකා පිල පරාජය වුවහොත් ඉදිරි විස්සයි විස්ස ලෝක කුසලානයට සෘජු සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාවට යම් බාධාවක් එල්ල වන බවට වාර්තා වේ.

කෙසේ නමුත් මෙම තරගය ජයගෙන ශ්‍රී ලංකාවට ගෞරවයක් ලබා දීම තම අරමුණ බව අද තරගය පිළිබඳ ඊයේ (08) පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු පැවසුවාය.

Share.

Comments are closed.

Exit mobile version