පාර්ලිමේන්තු මැතිවරණය නිරික්ෂණය සඳහා රටවල් 08 ක නිරීක්ෂකයින්ට ආරාධනා කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති R.M.A.L.රත්නායක මහතා සඳහන් කළේ සාක් කලාපීය රටවල් හා රුසියාවෙන් එම නිරීක්ෂකයින් මෙරටට පැමිණෙන බවයි.
මීට අමතරව මහ මැතිවරණ කටයුතු නිරීක්ෂණය සඳහා පොදු රාජ්‍ය මණ්ඩලීය මැතිවරණ නිරීක්ෂකයින් හා යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයින්ද මෙරටට පැමිණෙනු ඇත.

ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයේ නිරීක්ෂකයින්ද මහ මැතිවරණය නිරීක්ෂණය සඳහා පැමිණෙන බව ඔහු  ප්‍රකාශ කළේ ය.

Share.

Comments are closed.

Exit mobile version