ක්‍රීඩා සංස්කෘතියට නව මානයක් ගෙන දෙමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය සිය ප්‍රථම ජාතික බේස්බෝල් කණ්ඩායම පිහිටුවීමට පියවර ගෙන ඇත. ECB සහ Baseball United විසින් සහාය දක්වන මෙම බේස්බෝල් කණ්ඩායම 2024 නොවැම්බර් මාසයේදී ඩුබායි හි අති නවීන බෝල්පාක්හිදී බේස්බෝල් එක්සත් අරාබි ක්ලැසික් තරඟාවලියට පිවිසෙනු ඇත.

එමීර් රාජ්‍යය පාපන්දු සහ ක්‍රිකට් වැනි ක්‍රීඩා සඳහා පුළුල් ලෙස ප්‍රසිද්ධය. නමුත් බේස්බෝල් හඳුන්වාදීම නව අවස්ථා සඳහා දොරටු විවර කිරීමක් ලෙස සැලකේ.
ඩුබායි හි පිහිටි බේස්බෝල් යුනයිටඩ්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික කණ්ඩායම දියත් කිරීමේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කර ඇත.

එමීර් රාජ්‍යයේ කණ්ඩායම අරාබි ක්ලැසික් තරගාවලියේදී පාකිස්ථානය, ඉන්දියාව, සෞදි අරාබිය සහ ශ්‍රී ලංකාව යන ජාතික කණ්ඩායම් සමඟ තරඟ වදිනු ඇත. මෙම ඉසව්ව එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ සෞදි අරාබිය යන රටවල් දෙකම ජාතික බේස්බෝල් කණ්ඩායම් ඉදිරිපත් කරන ප්‍රථම අවස්ථාව සනිටුහන් කරයි.එය කලාපය සඳහා ඓතිහාසික අවස්ථාවක් වේ.

Share.

Comments are closed.

Exit mobile version