එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, ශ්‍රී ලංකා ප්‍රමාණ සමීක්ෂකයින්ගේ සංගමය විසින් ප්‍රථම වරට සංවිධානය කල ප්‍රමාණ සමීක්ෂණය සහ ඉදිකිරීම් කළමණාකරණය පිළිබඳ ජාත්‍යන්තර සමුළුව QSAPEX නමින් පසුගිය ඔක්තෝබර් 5 වන දා පැවැත් විය. ඩුබායි මිලේනියම් ප්ලාසා ඩවුන්ටවුන් හෝටල් පරිශ්‍රයේදී දවස පුරා පැවැත් වූ  මෙම සමුළුවට ඉදිකිරීම් ක්ශේත්‍රයේ ප්‍රවීණයන් සේම විවිධ ක්ෂේත්‍ර වල වෘත්තිකයන් විශාල පිරිසක් රැසක් එක්ව සිටියහ.

ක්ශේත්‍රයට අදාලව විශේෂ දේශන, සාකච්ඡා හා විවාද වැඩසටහන් මෙහිදී පැවැත් වූ අතර ඒ සදහා දෙස් විදෙස් ඉදිකිරීම් අංශයේ විද්වතුන් ඇතුළු විවිධ ක්ශේත්‍ර නියෝජනය කරන වෘත්තිකයන් රැසක් සහභාගී වීම විශේෂත්වයකි.

දශක හතරක කමිටු සාමාජිකයන් එක්ව මෙම දැවැන්ත ගෝලීය සමුළුව සංවිධානය කෙරිණි.
ඉදිකිරීම් අංශයේ පවතින ගැටලු, නව ප්‍රවණතා, තාක්ෂණික තොරතුරු ඇතුළු බොහෝ දේ පිළිබඳ මෙදින සාකච්ඡාවට බඳුන් වූ අතර ඉදිරියටත් මෙම ගෝලීය සමුළුව පැවැත්වීම සංගමයේ බලාපොරොත්තුව බව සඳහන් වේ.

Share.

Comments are closed.

Exit mobile version