හිටපු මැති ඇමතිවරුන්ගෙන් තවත් පිරිසක් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බවට ප්‍රකාශ කර තිබේ. ඒ අනුව හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ ,මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් මෙවර මැතිවරණයට තරඟ නොකරති.

ඒ අතර පසුගිය රජයේ කැබිනට් ඇමතිවරුන්ද සිටියි. පසුගිය‍ ආණ්ඩුවේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ප්‍රසන්න රණතුංග මහතා මෙවර මහ මැතිවරණයට තරඟ නොකරන බව තහවුරු කර තිබේ.
එමෙන්ම පසුගිය ආණ්ඩුවේ තාක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කනක හේරත් මහතාද මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් නොවේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, හම්බන්තොට දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතාද මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බව සඳහන් කළේය. විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කල අලි සබ්‍රි මහතාද මෙවර මැතිවරණයට තරඟ නොවදියි.
එම පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී W.D.J. සෙනෙවිරත්න මහතා ද මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර තිබේ.

අම්පාර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා ද මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බව අද සඳහන් කළේය. එක්සත් ජතික පක්ෂයේ උපලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාද මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.

මීට අමතරව විමල් වීරවංශ, පාඨලී චම්පික රණවක, ශෙහාන් සේමසිංහ, ඩලස් අලහ්ප්පෙරුම, බන්දුල ගුණවර්ධන, නාලක ගොඩහේවා, ලක්ෂ්මන් කිරිඇල්ල, ගාමිණි ලොකුගේ සහ මාවෙයි සේනාධිරාජා, විග්නේෂ්වරන් යන දමිල මන්ත්‍රීවරුන්ද මහ මැතිවරණයට තරඟ නොවදින බව තහවුරු කර තිබේ.

Share.

Comments are closed.

Exit mobile version