සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු පන්දුවාර විස්ස ක්‍රිකට් තරගය අද (13) පැවැත්වීමට නියමිතය.

එම තරගය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද එමීර් රාජ්‍ය වේලාවෙන් සවස 5.30 ට ආරම්භ වේ.
චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමට ආරම්භක පිතිකරුවන් ලෙස කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිශ්ශංක ඇතුළත් වෙති.

මැද පෙළ පිති­කරු භානුක රාජ­පක්ෂ වසරකුත් මාස 10කට පසු යළි විස්සයි විස්ස සංචි­ත­යට එක්ව තිබේ.
කෙසේ වෙතත් මේ දින­වල ශ්‍රී ලංකාවට බලපා ඇති අයහ­පත් කාල­ගුණ තත්ත්වය හේතු­වෙන් අද තර­ග­යට වර්ෂා­වෙන් බාධා වීමට ඉඩ ඇතැයි කාල­ගුණ අනා­වැකි පළ වී ඇති බව සඳහන් වේ.

Share.

Comments are closed.

Exit mobile version