දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට පවතින වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 09ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 45ක් සඳහා නාය යෑමේ නිවේදන නිකුත් කර බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නාය යෑම් අධ්‍යන අංශයේ ජේෂ්ඨ භූ විද්‍යාඥා ආචාර්ය වසන්ත සේනාධීර මහතා පැවසීය.

බදුල්ල,කොළඹ ,ගාල්ල ,ගම්පහ ,කළුතර ,කෑගල්ල, කුරුණෑගල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා එම නිවේදන ක්‍රියාත්මක වේ.
පළමු සහ දෙවන අදියරේ නිවේදන එම දිස්ත්‍රික්ක සඳහා නිකුත් කර තිබේ.

එම නිවේදනය 12 පස්වරු 04.00 දක්වා ක්‍රියාත්මක බව පැවසීය.
ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට,මතුගම ,දොඩංගොඩ , හොරණ,බුලත්සිංහල, අගලවත්ත, පාලින්දනුවර සහ ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහාත් ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම ,නෙළුව , නාගොඩ සහ ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහාත් කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල, වරකාපොල ,දෙහිඕවිට ,යටියන්තොට ,බුලත්කොහුපිටිය, මාවනැල්ල ,අරණායක , කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සදහාත් කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක,පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සදහාත් රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ, අයගම,කලවාන, රත්නපුර ,කුරුවිට,ඇලපාත සහ කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහාත් ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සදහාත් දෙවන අධිකාරියේ “අවධානයෙන්” සිටීම නිවේදනය නිකුත් කර තිබේ.

බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල,හාලි ඇල සහ පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සදහාත් ගාල්ල දිස්ත්‍රික්කයේ යක්කලමුල්ල සහ නියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සදහාත් කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහාත් කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සදහාත්, ,කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාරම්මල,පොල්ගහවෙල ,අලව්ව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සදහාත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සදහාත් රත්නපුර දිස්ත්‍රික්කයේ කහවත්ත ,ඕපනායක ,පැල්මඩුල්ල සහ නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහාත් පළමු අදියරේ “විමසිලිමත් ” බවින් සිටීමේ නිවේදනය නිකුත් කර ඇතිබව වැඩිදුරටත් පැවසීය.

Share.

Comments are closed.

Exit mobile version