Al Meydan Street සහ Ras Al Khow Street යන මංසන්ධිය අතර නව පාලමක් අද (13)වන දින විවෘත කෙරේ.

ඩුබායි හි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) විසින් තහවුරු කරන ලද පරිදි, Al Meydan Street සහ Ras Al Khow Street අතර ඩීරා දෙසට මෙම නව පාලම දිව යයි.

නව පාලම මීටර් 610 ක දිගකින් යුත් මංතීරු දෙකක පාලමක් වන අතර පැයකට වාහන 3,200 ක ධාරිතාවයකින් යුක්ත වේ. එය Al Meydan පාරේ සිට Al Khail පාර දක්වා Deira දෙසට පැමිණෙන රථවාහන සම්බන්ධ කරයි.

මෙය අල් ඛයිල් මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉදිවන සිව්වැනි පාලමයි.

පසුගිය සැප්තැම්බරයේදී අල් ඛයිල් පාර දිගේ මීටර් 700ක මංතීරු දෙකක පාලමක් ද මහජනතාවට විවෘත කෙරිණි. එය Al Khamila සහ Hessa Street යන මංසන්ධි අතර පිහිටා ඇති අතර පැයකට වාහන 3,200කට ඉඩ පහසුකම් ඇත.

Share.

Comments are closed.

Exit mobile version