රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය සහ රාජ්‍ය ළමා නාට්‍ය උළෙල තාවකාලිකව අවලංගු කිරීමට පියවර ගත්බව බුද්ධ ශාසන,ආගමික, සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණය හේතුවෙන් මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් පරිදි මෙය තාවකාලිකව අවලංගු කිරීමට තීරණය කර තිබේ .

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ලබන 14 වනදාත් රාජ්‍ය ළමා නාට්‍ය උළෙල නොවැම්බර් 09 වැනිදාත් පැවැත්වීමට නියමිතව තිබුණි.

එම උත්සව පැවැත්වෙන දිනයන් පසුව දැනුම්දීමට පියවර ගන්නා බව එම අමාත්‍යංශය වැඩිදුරටත් දන්වා සිටියි.

Share.

Comments are closed.

Exit mobile version