ලක් රජය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් පැවති රජයේ ප්‍රතිපත්තිමය තීරණය මහ මැතිවරණය අවසන් වන තෙක් නව රජය විසින් අත්හිටුවා තිබේ.

පසුගිය රජය විසින් රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහ ගත කිරීමේ ඒකකයක් පිහිටුවා ඇති අතර ඒ යටතේ රාජ්‍ය ව්‍යාපාර 130ක් ප්‍රතිව්‍යුහගත කිරීමට ලැයිස්තුගත කර තිබිණි.

කෙසේ වෙතත් ජනාධිපති අනුර දිසානායක මහතා එම ධුරයට පත් වීමෙන් පසු අදාළ ඒකකයේ කටයුතු සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියා මාර්ග මහ මැතිවරණය අවසන් වූ පසු ගැනීමට නියමිතව ඇත.

Share.

Comments are closed.

Exit mobile version