ලබන සඳුදා සිට නව පාස්පෝට් නිකුත් කිරීමට කටයුතු කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට අද (15) එක්වෙමිනි.

“විද්‍යුත් පාස්පෝට් ගෙන්වීම සඳහා ටෙන්ඩර් කැඳවලා, යම් කැබිනට් අනුමැතියක් අරන් තිබුණා. ඒ දිනවලට ඔවුන්ට එය දෙන්න අපහසු වෙලා තිබුණා. ඒත් එක්කම සාමාන්‍ය පාස්පෝට් එක්ක ලබාදෙන්න. එම ආයතනයටම කැබිනට් මණ්ඩලය ඒ අවසරය දෙන්න තීන්දු කරලා තිබුණා.

පාස්පෝට් හත් ලක්ෂ 50,000ක් ඒ ආයතනයෙන් ලබාගන්න තමා තීන්දු කරලා තිබුණේ. නමුත් ඒ මුද්‍රණ කටයුත්ත භාර වෙලා තිබුණේ ඊට පෙරාතුව පාස්පෝට් ලබාදීපු ආයතනයට. ඒ නිසා අපිට උසාවි යන්න සිදු වුණා. අවසානයේදී මීට කලින් පාස්පෝට් මුද්‍රණය කළ ආයතනය යම් මුදලකට මේ පාස්පෝට් මුද්‍රණය කරලා දෙන්න උසාවියේදී එකඟ වුණා.

මේ පාස්පෝට් ප්‍රශ්නය කෙටි කාලයේදී විසඳගන්න පුළුවන් කියලා හිතනවා. ලබන සෙනසුරාදා වෙනකොට ලංකාවට පාස්පෝට් ප්‍රමාණයක් ලැබෙනවා. සඳුදා ඉඳලා නව පාස්පෝට් එක නිකුත් කරනු ලබනවා.”

Share.

Comments are closed.

Exit mobile version