ලංකාව හා ඉන්දියාව ගොඩබිමින් යා කරමින් ඉදිකරන දුම්රිය මාර්ගය සම්බන්ධයෙන් වන සාකච්ඡා මේ වන විට අවසන් අදියරේ පවතින බව පරිසර අමාත්‍යාංශය ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සඳහන් කර ඇත.

පසුගිය මාසයේදී තමන් නව දිල්ලියේදී ඊට අදල රැස්වීමකට සහභාගි වූ බවත් ඉන්දියාවේ රාමෙෂ්වරන් හා ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමලය අතර අධිවේගී මාර්ග හා දුම්රිය මාර්ග සබඳතාවය ඒ හරහා ස්ථාපිත කිරීම ගැන අවසන් අදියරේ සාකච්ඡා එහිදී පැවැති බවද ඔහු සඳහන් කර තිබේ.

යෝජිත ගොඩබිම් මාර්ගය සඳහා ඇස්තමේන්තු වියදම ඇමරිකානු ඩොලර් බිලියන පහක් පමණ වන අතර සම්පූර්ණ වියදම ඉන්දියාව විසින් දරනු ලබයි.

Share.

Comments are closed.

Exit mobile version