ශ්‍රී ලංකාව දුවන්නේ ණය මත බවත් තම ආණ්ඩුව පැමිණි පමණින් පැය 24ක් තුල අලුත් ආදායම් ලැබෙන්නේ නැති බවත් කැබිනට් ප්‍රකාශක ඇමති විජිත හේරත් මහතා සඳහන් කරයි.

මේ නිසා දේශීය වශයෙන් ණය ගන්නා යාන්ත්‍රණ පවත්වාගෙන යා යුතුව ඇති බවද හෙතෙම පැහැදිලි කලේය.

ඔහු මෙම කියා සිටියේ වත්මන් රජය පත්වී කෙටි කාලයක් තුළ භාණ්ඩාගාර බිදිපත් හා භාණ්ඩාගාර බැඳුම්කර අවස්ථා හතරකදී නිකුත් කිරීම සම්බන්ධයෙන් කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කළ විමසීමකට ප‍්‍රතිචාර ලෙසය.

Share.

Comments are closed.

Exit mobile version