ගනුදෙනු­ක­රු­වන්ට සහාය වීමට සෑම බැංකු­ව­කම යළිත් ව්‍යාපාර පණ ගැන්වීමේ ඒකක පිහි­ටු­වන ලෙස ශ්‍රී ලංකා මහ­ බැං­කුව උප­දෙස් ලබා දී තිබේ.

ව්‍යාපා­ර­ යළි පණ ගැන්වී­මට අවශ්‍ය මුදල් ප්‍රදා­න­යන් ලබා­දීම , ණය පොලිය අඩු­කර ගැනීම, ණය ආපසු ගෙවීමේ කාලය දීර්ඝ කර ගැනීම ඇතුළු සේවා රාශි­යක් මෙම ඒකක හරහා සිදු කරනු ලැබේ. ශ්‍රී ලංකා මහ බැංකුව සෑම බැංකු­ව­ක­ටම නව ඒකක පිහි­ට­වන්න උප­දෙස් ලබා­දී­මට පෙර ඇතැම් බැංකු­වල එම ඒකක ක්‍රියා­ත්ම­කව තිබිණි.

කලින් පිහි­ටුවා තිබූ ඒකක වඩාත් කාර්ය­ය­ක්ෂම සහ සහ මහ­ජන මිත්‍ර­ශීලී සේවා­වක් සප­යන ඒකක ලෙස වැඩි­දි­යුණු කිරීම නව ක්‍රම­වේද යටතේ සිදු කෙරේ. ශ්‍රී ලංකා මහ­ බැං­කුව අවස්ථා ගණ­නා­ව­කදී සිය ප්‍රති­පත්ති පොලී අනු­පා­තික අඩු කොට ඇත.

එලෙස මහ බැංකුව ප්‍රති­පත්ති පොලී අනු­පා­තික අඩු කිරීමේ වාසිය ගනු­දෙ­නු­ක­රු­වන්ට ලබා දීම බැංකු­වල වග­කී­මය. අවස්ථා කිහි­ප­ය­කදී ප්‍රති­පත්ති පොලී අනු­පා­තික අඩු කිරීමේ වාසිය ණය පොලිය අඩු­කර ගැනී­මට ඉව­හල් වන ආකා­ර­යට යොදා ගන්නයි ශ්‍රී ලංකා මහ­බැං­කුවේ අධි­පති ආචාර්ය පී. නන්ද­ලාල් වීර­සිංහ මහතා බැංකු පද්ධ­ති­යෙන් මීට පෙරද ඉල්ලී­මක් කොට තිබේ.

ඒ අනුව දැන­ට­මත් ව්‍යාපාර පහසු කිරී­මට බැංකු අඩු පොලී අනු­පාත යටතේ ණය ලබා­දීම ආරම්භ කොට ඇත. ලංකා බැංකුවේ ප්‍රධාන විධා­යක නිලධාරී සහ මහා කළ­ම­නා­කරු රසල් පොන්සේකා මහ­තා­ සඳහන් කලේ දැන­ට­මත් ලංකා බැංකුවේ පළාත් මට්ට­මින් මෙවැනි මධ්‍ය­ස්ථාන 11ක් ක්‍රියාත්මක වන බවයි. කොළඹ මූල­ස්ථා­නයේ ද එවැනි එක­ක­යක් තිබේ. ඒ තුළින් වඩාත් කාර්යක්ෂම සුහ­ද­ශීලි සේවා­වක් ගනු­දෙ­නු­ක­රු­වන්ට ලබා­දෙන බව ද ඔහු කීය.

Share.

Comments are closed.

Exit mobile version