බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය (TIN) සහ ආදායම් බදු සඳහා පුද්ග­ල­යන් ලියා­ප­දිංචි කිරීමේ වැඩ­ස­ට­හන ක්‍රියා­ත්මක කිරී­මත් සමඟ වසර 2022/2023 ට වඩා වසර 2023/2024 පුද්ගල ආදායම් බදු ලියා­ප­දිංචි ලිපි­ගොනු සංඛ්‍යාව වැඩි වී තිබේ.

වසර 2022/2023 තක්සේරු වර්ෂය සඳහා ආදා­යම් බදු වාර්තා ඉදි­රි­පත් කළ සංඛ්‍යාව 333,313ක් විය . එම සංඛ්‍යාව වසර 2023/2024 කාල­යේදී 868,009ක් වැඩි වී ඇතැයි දේශීය ආදා­යම් කොම­සා­රිස් ජන­රාල් සේපා­ලිකා චන්ද්‍ර­සේ­කර මහ­ත්මිය ප්‍රකාශ කළාය.

ව්‍යාපා­රි­ක­යින්, වෘත්තී­ය­වේ­දීන්, වත්කම් හිමි කර­ගත් පුද්ග­ල­යන් වැනි පිරිස් පිළි­බ­ඳව වැඩි අව­ධා­න­යක් යොමු කොට ආදා­යම් බදු සඳහා ලියා­ප­දිං­චිය ඒ අනුව පුළුල් කර ඇතැයි ද ඇය කීවාය.

ලියා­ප­දිංචි කර­ගනු ලැබූ එම පුද්ග­ල­යින් වෙත මාර්ග­ගත ක්‍රමය ඔස්සේ තම ආදා­යම් වාර්තා ඉදි­රි­පත් කළ යුතු බව සහ ගෙවී­මක් උද්ගත වුව­හොත් භාවිත කිරීම සඳහා ගෙවීම් පත්‍රි­කා­වක්ද මේ වන විට තැපැල් මඟින් යොමු කොට ඇත.

ආදා­යම් බද්ද සඳහා දැනට ලියා­ප­දිංචි කර ඇතත් ව්‍යාපාර කට­යුතු අව­සන් කර තිබීම, ආදා­යම් මාර්ග නොමැති වීම වැනි සාධා­රණ හේතු­වක් මත බදු ගෙවී­මට තරම් ආදා­ය­මක් හෝ ලාභ­යක් නොමැති නම් ඒ බව සනාථ කළ හැකි ලිපි ලේඛන සමඟ ළඟම පිහිටි දේශීය ආදා­යම් කාර්යාල වෙත ඉල්ලීම් කිරීම මඟින් ආදා­යම් බදු සඳහා කර ඇති ලියා­පදිංචිය අක්‍රිය කර ගත හැකිය.

මාස­ය­කට රුපි­යල් ලක්ෂ­ය­කට වැඩි හෝ වස­ර­කට රුපි­යල් ලක්ෂ දොළ­හ­කට වැඩි ආදා­යම් ලබන පුද්ග­ල­යන් ආදා­යම් බදු ගෙවිය යුතුය. එයට නොවැඩි වැටුප් හා ආදා­යම් නොල­බන පිරිස් බදු ගෙවීමට අවශ්‍ය වන්නෙ නැත.

Share.

Comments are closed.

Exit mobile version