රටේ ආර්ථි­කය යහ­පත් දිශා­න­ති­ය­කට යොමු කරමින් මේ වසරේ මුල් මාස 08ක කාලයේ දී මෙරට රාජ්‍ය ආදා­යම සිය­යට 40.5 කින් ඉහළ ගොස් තිබෙන බව මුදල් අමා­ත්‍යාං­ශය ප්‍රකාශ කරයි.

පසු­ගිය 2023 වසරේ මුල් මාස 08ක කාල­යට සාපේ­ක්ෂව මෙම වර්ධ­නය පෙන්නුම් කරන අතර Pre-Election Budgetary Position Report 2024 ප්‍රකා­ශ­යට පත් කර­මින් මුදල් අමා­ත්‍යාං­ශය මේ බව සඳ­හන් කර තිබේ. ඒ අනුව 2024 ජන­වාරි සිට අගෝස්තු කාලය තුළ බදු ආදා­යම් සහ බදු නොවන ආදා­යම් ද ඇතු­ළුව රජයේ සමස්ත ආදා­යම රුපි­යල් බිලි­යන 2,557.79 ක් බව සඳහන් වේ.

මෙම වක­වා­නුව තුළ සමස්ත බදු ආදා­යම රුපි­යල් බිලි­යන 2,348.53ක් ලෙස සට­හන්ව ඇති අතර එයින් රුපි­යල් බිලි­යන 624.67ක් ආදා­යම් බදු ලෙසත්, රුපි­යල් බිලි­යන 1,421.34ක් භාණ්ඩ හා සේවා මත අය කරනු ලැබූ බදු ලෙසත් පෙන්වා දෙයි.

භාණ්ඩ හා සේවා මත අය­කෙ­රෙන බදු තුළ අන්ත­ර්ගත ප්‍රධාන සංර­ච­ක­යක් වූ VAT බදු ආදා­යම රුපි­යල් බිලි­යන 842.48ක් ලෙස දක්වා ඇති අතර එය සිය­යට 87.2කින් වැඩි වී තිබීම විශේ­ෂ­ත්ව­යකි. මීට අම­ත­රව සුරා­බදු ආදා­යම මෙම වක­වා­නුව තුළ දී රුපි­යල් බිලි­යන 385.74ක් ලෙස දක්වා ඇති අතර එය සිය­යට 42 කින් ද මෙම මාස 08 ක කාල­ප­රි­ච්ඡේ­දය තුළ දී ඉහළ ගොස් තිබේ.

බදු නොවන ආදා­යම රුපි­යල් බිලි­යන 209.26ක් දක්වා සිය­යට 31.7 කින් ඉහළ ගොස් තිබීම ද විශේ­ෂ­ත්ව­යක් බව මුදල් අමා­ත්‍යාං­ශය පව­සයි.

කෙසේ වුවද මේ වසරේ අව­සා­නය වන­විට ඇස්ත­මේන්තු­ගත රාජ්‍ය ආදා­යම රුපි­යල් බිලි­යන 4,107ක් බව ද මුදල් අමා­ත්‍යාංශ්‍ය පෙන්වා දෙයි.

Share.

Comments are closed.

Exit mobile version