බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර තරග 03කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය අද (20) ආරම්භ වීමට නියමිතය.

දිවා-රාත්‍රී තරඟ ලෙස පැවැත්වෙන මෙම තරගාවලියේ සියලු තරග පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව පළමු තරගය අද පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතය.
අද තරගයේ දී දඟ පන්දුවට හිතකර තණ තීරුවක් බලාපොරොත්තු විය හැකි බව ශ්‍රී ලංකා නායක චරිත් අසලංක ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කියා සිටියේය.

Share.

Comments are closed.

Exit mobile version