ශ්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක සුවසැරිය ගිලන් රථ සේවා සඳහා නව ගිලන් රථ 50 ක් පරිත්‍යාග කිරීමට ඉන්දියාවේ ටාටා සමාගම තීරණය කර ඇත.

එම සමාගමේ නව සභාපති නටරාජා චන්ද්‍රසේකරන් මහතා විසින් හිටපු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාට ඒ බව දැනුම් දී තිබේ.

සුව සැරිය සතුව ගිලන් රථ 297 ක් දැනට ඇති අතර ඉන් දිනකට රෝගීන් 1050 කට සේවාව සැපයිය හැකිය.

සුවසැරිය ආරම්භයේදී ටාටා සමාගම ඩොලර් මිලියන 23 ක පරිත්‍යාගයක් කල අතර එමගින් අදාළ ගිලන් රථ මිල දී ගන්නා ලදී.

රජය විසින් රුපියල් කෝටි 400 ක පමණ වියදමක් මෙම සේවය සදහා වසරකට දරනු ලැබේ.

Share.

Comments are closed.

Exit mobile version