ඊශ්‍රායලය ගුවන් ප්‍රහාර එල්ල කරන ලෙබනනයේ දකුණු දිග ප්‍රදේශවල කිසිදු ලාංකිකයෙකු නොමැති බව එරට ශ්‍රී ලංකා තානාපති කපිල ජයවීර මහතා පැවසීය.

එරට සිටින සියලු ලාංකිකයින් ආරක්ෂිත බව ඔහු සඳහන් කලේය.
තානාපති කාර්යාලයේ ආරක්ෂිත නිවෙස්නය තුළ ලාංකිකයින් 15 දෙනෙකු සිටියි.
එරට සිටින ලාංකිකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් හැකි සෑම පියවරක්ම ගෙන ඇති බව ඔහු පැවසීය.

ඊශ්‍රායලය විසින් සෙනසුරාදා  (19) ලෙබනනයට ගුවන් ප්‍රහාර 12 ක් පමණ එල්ල කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කලේය.
කලාපයේ උද්ගතව ඇති තත්වයත් සමඟ ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇතිබව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

අදාළ රටවල දූත මණ්ඩලය හරහා ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය උපදෙස් නීතිපතා ලබාදීම සිදු වේ.

එම උපදෙස් කෙරෙහි විශේෂ අවධානය යොමුකිරීම ඉතා වැදගත්ය.
මැදපෙරදිග කලාපයේ සිටින ලාංකිකයන්ගෙ ඥාතීන්ට ඕනෑම හදිසි අවස්ථාවකදී 0112338812 සහ 0117711194 අංක ඇමතීමෙන් තොරතුරු ලබාගත හැකි බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

Share.

Comments are closed.

Exit mobile version