ඇණවුම් කරන ලද නව විදෙස් ගමන් බලපත්‍ර තොගය පෙරේදා (19) රාත්‍රියේ මෙරටට ලැබුණු බවත් ඒ අනුව අද (21) සිට ඒවා බෙදාහැරීම සිදුකරන බවත් කැබිනට් අමාත්‍ය විජිත හේරත් පැවසීය.

මේ අනුව පාස්පෝට් සම්බන්ධයෙන් පැවති පෝලිම් අවසන් කරන බවද හෙතෙම සඳහන් කලේය.
මේ වනවිට ඇණවුම් කර ඇති විදෙස් ගමන් බලපත්‍ර 750,000 ඉදිරියේ දී අවසන් වීමට නියමිතය.

ඒ හේතුවෙන් නැවතත් පාස්පෝට් අර්බුදයක් ඇති වීමට ඉඩ ඇති බැවින් සාමාන්‍ය පාස්පෝට් ලබාදීමට අවශ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලියකට ගොස් ටෙන්ඩර් පටිපාටියක් අනුව තවත් පාස්පෝට් ප්‍රමාණයක් ගෙන්වීමට පසුගිය 11 වැනිදා පැවැති විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කළ බව ද අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කළේය.

Share.

Comments are closed.

Exit mobile version