සමගි ජන බලවේගය යටතේ නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරග කරන දමිල ප්‍රගතිශිලි සන්ධානයේ මන්ත්‍රිවරුන් (20) දින පස්වරුවේ මස්කෙලිය නගරයේදි රථ වාහන ඇතුළු පෙලපාලියක් පැවැත්විණ.

එම සන්ධානයේ නියෝජ්‍ය නායකවරුන් වන පලනි දිගම්බරම්, වි.රාධාක්‍රිෂ්ණන්, එම්.උදයකුමාර් යන මහතුන් මස්කෙලිය පි.එම්.ඩි ශාලාවේදි පැවති මැතිවරණ ප්‍රචාරක රැස්විමකට සහභාගි විම සදහා මස්කෙලිය පොලිසිය ඉදිරිපිටට පැමිණි අවස්ථාවේ එම සන්ධානයට සහය දක්වන වතුකරයේ ආධාරකරුවන් විසින් වාදන කණ්ඩායම් සහිතව පෙලපාලියකින් අපේක්ෂකයන් තිදෙනාව උත්සව ශාලාව වෙත රැගෙන යනු ලැබුහ.

එම රැස්වීම අවසන් විමෙන් පසු දමිල ප්‍රගතිශිලි සන්ධානයේ අපෙක්ෂකයන්ව රථ වාහන පෙලපාලියකින් මස්කෙලිය නගර පුරා රැගෙන ගිය අතර, එය මැතිවරණ නිති උල්ලංඝනය කිරිමක් බවයි මස්කෙලිය ව්‍යාපාරික ප්‍රජාව කියා සිටියහ.

එම රථ වාහන පෙලපාලිය නතර කිරිමට මස්කෙලිය පොලිස් ස්ථානයේ කිසිදු නිලධාරියෙකු කටයුතු නොකල බවද ව්‍යාපාරිකයන් පැවසිය.

Share.

Comments are closed.

Exit mobile version