ආරුගම්බේ ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු යෑමෙන් වළකින ලෙස අමෙරිකානු පුරවැසියන්ට කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය අනතුරු අඟවා ඇත.

එම ප්‍රදේශය ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල විය හැකි බවට ලද තොරතුරු අනුව එම දැනුම් දීම කරන බවයි සංචාරක උපදේශනයක් නිකුත් කරමින් අමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.
යම් හෝ සැක කටයුතු කටයුත්තක් දුටුවහොත් 119 දුරකථන අංකයට දැනුම්දෙන ලෙසට ඔවුන් දැනුම් දී ඇත.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, සෑම විටම අවට වටපිටාව පිළිබඳ සුපරික්ෂාකාරී වන ලෙසත් ප්‍රවෘත්ති පිළිබඳව නිරන්තරයෙන් දැනුවත් වෙන ලෙසය.

Share.

Comments are closed.

Exit mobile version