ජර්මනියේ සංචාරක ව්‍යාපාරය වර්ධනය කිරීමේ අරමුණින් කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් සංචාරක ප්‍රවර්ධන නිලධාරිනියක් නිර්මාණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ‘එමා’ නමින් හඳුන්වන කෘත්‍රිම බුද්ධියෙන් නිර්මාණය කළ රූමත් තරුණිය ඉදිරියේදී ජර්මනියේ සංචාරක ව්‍යාපාරයේ සාර්ථකත්වයට ඉවහල් වනු ඇතැයි දැනටමත් අනාවැකි පළ වී තිබේ.
‘එමා’ හඳුන්වා දෙමින් එරට සංචාරක මණ්ඩලය ඩිජිටල් මුහුණුවරකින් යුතුව ජර්මානු සංචාරක ව්‍යාපාරය සමාජ මාධ්‍ය ජාලයේ වඩාත් පුළුල් ලෙස ප්‍රවර්ධනය කිරීමට කටයුතු යොදා ඇතැයි ද සඳහන් වේ.
ආකර්ශණීය රුවකින් යුතු ලා දුඹුරු පැහැති හිසකේ ඇති ප්‍රියමනාප ආකාරයෙන් නිර්මාණය කළ ‘එමා’ ලොව පුරා සංචාරකයන්ට ජර්මනියේ සංචාරය කිරීමට අවශ්‍ය සියලුම ආකාරයේ තොරතුරු බෙදා දීමට කටයුතු යොදා ඇතැයි සඳහන් ය.