ගාල්ල ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දයට අදාළ ප්‍රචාරක කටයුතු අද (23) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඉන් අනතුරුව නිහඬ කාලය ලබන 26 වැනිදා ඡන්ද විමසීම පත්වා ප්‍රතිඵල ප්‍රකාශකයට පත් කිරීම දක්වාම ක්‍රියාත්මක වේ.

මැතිවරණයට අදාළ අවසන් දේශපාලන ප්‍රචාරක රැස්වීම්වල වීඩියෝ දර්ශන හා විස්තර 24 වැනිදා එක් ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයක පමණක් ප්‍රචාරය කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

25 වැනිදා පළ කරනු ලබන පුවත්පත්වල ඡායාරූප හා රැස්වීම් වාර්තා පළ කළ හැකි බව එම කොමිෂන් සභාව වැඩිදුරටත් කියා සිටියි.

Share.

Comments are closed.

Exit mobile version