ශ්‍රී ලංකාවේ සිටින ඊශ්‍රායල ජාතිකයින්ට ප්‍රහාරයක් එල්ල කිරීම සදහා සැලසුම් කලේ යයි සැක පිට පුද්ගලයින් දෙදෙනෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගත් එක් පුද්ගලයෙක් යාපනයේ පදිංචි කරුවෙක් වන අතර අනෙක් තැනැත්තා කොළඹ ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.
එක් අයෙකුගේ පියා මාලදිවයින් ජාතිකයෙකි.

ප්‍රහාරය එල්ල කිරීමට එකඟවීමෙන් පසු රුපියල් ලක්ෂ 50ක මුදල් ලබා දුන් බව මෙම සැකකරුවන් පවසා ඇත.
ආරුගම්බේ සංචාරක ස්ථාන ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි ශ්‍රී ලංකාවේ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය අනතුරු ඇගවීමේ නිවේදනයක් නිකුත් කර තිබිණි.

ඒ අනුව තවත් රටවල් කිහිපයක් ද ශ්‍රී ලංකාව සදහා වූ සංචාරක උපදෙස් ඊයේ දිනයේ යාවත්කාලීන කර ඇත.

ශ්‍රී ලංකාවේ සංචාරක නිකේතනවලින් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සිය පුරවැසියන්ට ඊයේ දින දන්වා තිබිණි.

Share.

Comments are closed.

Exit mobile version