ශ්‍රී ලංකාවේ නැඟී එන යොවුන් ෆෝමියුලා මෝටර් රථ තරග ධාවන ශූරයකු වන යෙවාන් ඩේවිඩ් යුරෝ ෆෝමියුලා ජාත්‍යන්තර විවෘත තරගාවලියේ ජයග්‍රහණයක් අත්කරගත් පළමු ශ්‍රී ලාංකිකයා බවට පත් විය. පසුගියදා ඉතාලියේ මොන්සා නුවර පැවැති මේ තරගමාලාවට පළමුවරට සහභාගි වූ 17 හැවිරිදි යෙවාන් ඩේවිඩ් එහිදී ෆෝමියුලා මෝටර් රථ පළමු තරගයේ ජයග්‍රහණය වාර්තා කිරීමෙන් දිනකට පසු එම තරගාවලියේ තුන්වැනි තරගයේ ජයග්‍රහණයත් අත්කර ගැනීමට සමත්වීම කැපී පෙණිනි.
බ්‍රසීලයේ හිටපු සුපිරි ‘ෆෝමියුලා වන්’ ධාවන ශූරයකු වන රූබන්ස් බැරිචෙලෝගේ පුත්‍රයා වන ෆර්නැන්ඩෝ බැරිචෙලෝ ඇතුළු ප්‍රබල තරගකරුවන් රැසක් අබිබවා යෑමට ද මෙහිදී යෙවාන් සමත් විය. ඔහුගේ එම දස්කම් හේතුවෙන් තරගාවලියේ Rookie රියැදුරාගේ සම්මානය දිනා ගැනීමට ද ඔහු සමත් වී ඇත.