වසංගත රෝග තත්ත්වයන් සඳහා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ ඒකකයක් විවෘත කර බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මෙරටින් තුරන් කළ සරම්ප රෝගය නැවත ව්‍යාප්තවීමේ අවදානම හේතුවෙන් එම ඒකකය විවෘත කර තිබේ.

එම ඒකකය පෙරවරු 07.00 සිට පස්වරු 06.00 දක්වා ක්‍රියාත්මකය.

ඒ හරහා ජනතාවට සරම්ප, රුබෙල්ලා ඇතුළු වසංගත රෝග පිළිබද තොරතුරු විමසිය හැකි බව එම අමාත්‍යාංශය පවසයි.

0117446513,0117682722,0117682872 හෝ 0117682662 දුරකතන අංක ඔස්සේ ඒ පිළිබඳ තොරතුරු විමසිය හැකිය.

එක් සරම්ප රෝගියෙකුගෙන් පුද්ගලයින් 18 දෙනෙකුට සරම්ප බෝවීමට ඉඩ ඇති බවට හඳුනා ගෙන තිබේ.

සරම්ප එන්නත් මාත්‍රා දෙකම ලබා නොගත් පුද්ගලයින් ඇත්නම් වහාම එන්නත් ලබා ගත යුතුය.

ඒ සඳහා ලබන සඳුදා (04) සිට ලබන සෙනසුරාදා (09) දක්වා විශේෂ සරම්ප සහ රුබෙල්ලා ප්‍රතිශක්තිකරණ සතියක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.

Share.

Comments are closed.

Exit mobile version