හිටපු අමෙරිකානු ජනපති ඩොනලඩ් ට්‍රම්ප් නැවතත් තම ජනාධිපති සිහිනය සැබෑ කර ගැනීමට සමත් විය.
ඒ අමෙරිකානු ඡන්ද විද්‍යාල 266 ක බලය තමන් යටතට ගනිමිනි. අමෙරිකානු ජනපතිවරණට මෙවර විශාල අවධානයක් හිමිවුණේ, ලොව යුද ගැටුම් නිවීමට ජනපති ට්‍රම්ප් ප්‍රතිඥා දුන් පසුබිමකයි.
ධවල මන්දිර බලය තහවුරු කර ගැනිමට උප ජනපතිනි කමලා හැරිස් තියුණු සටනක් දෙනු ඇතැයි මුලදී පුරෝකථනය කෙරුණත්, ඇයට ජයග්‍රහණය කළ හැකිව ඇති ආසන සංඛ්‍යාව 188 කි.
තවදුරටත් ඡන්ද ගණනය කිරීමේ කටයුතු සිදුවූවත්, ජනපතිවරණ ජය තහවුරු කර ගැනීමට අමෙරිකානු ඡන්ද විද්‍යාල 270 ක බලය තවුරු කර ගැනීම ප්‍රමාණවත් වේ.
ඩොනල්ඩ් ට්‍රම්ප් ෆ්ලොරිඩාවේ ප්‍රීතිමත් ආධාරකරුවන් අමතමින් තමන් අමෙරිකා එක්සත් ජනපද ජනපතිවරණයේ ජයග්‍රාහකයා බව ප්‍රකාශ කර තිබේ.
ප්‍රීති ඝෝෂා නගමින් සිටි පිරිස අමතමින්, අමෙරිකාව තමන්ට පෙර නොවූ විරූ සහ බලගතු ජනවරමක් ලබා දී ඇති බවයි පවසා ඇත.
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නායකත්වයෙන් යුත් රිපබ්ලිකන් පක්ෂය පෙන්සිල්වේනියා, උතුරු කැරොලිනා සහ ජෝර්ජියා යන ප්‍රධාන ප්‍රාන්තවල ජය අත්පත් කරගෙන ඇති අතර, කමලා හැරිස්ට ජයග්‍රහණය සඳහා ඇති අවස්ථාව තවත් පටු කිරීමට සමත් විය.
2020 දී ජෝ බයිඩන්ට පරාජය වූ ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයට නැවත පැමිණීම අසාමාන්‍ය ජයග්‍රහණයක් බව විචාරකයන් පවසති.
අද දිනයේදී කමලා හැරිස් ජනතාව අමතන්නේ නැති බව සඳහන් වේ.
මේ අතර දේශපාලන විචාරකයන් පුරෝකථනය කර ඇත්තේ, රිපබ්ලිකානුවන් අමෙරිකානු සෙනෙට් සභාවේ බලයද ආපසු ලබා ගනු ඇති බවයි.