NRS සමූහ ව්‍යාපාරයට අයත් Naturalz සන්නාමය යටතේ පසුගිය පස් වන දා ඩුබායි ඩෙයිරා හි පිහිටි Pullman හෝටල් පරිශ්‍රයේදී අගය එකතු කල ශ්‍රී ලාංකේය එළවලු පලතුරු ආශ්‍රිත නව නිෂ්පාදන පෙලක් එලි දැක් වීය.
මෙහිදී ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත පලතුරු පල්ප වලින් සකස් කල අගය එකතු කල නව අයිස්ක්‍රීම් නිෂ්පාදන පෙලක් සමඟ දේශීය පලතුරු ආශ්‍රිත අගය එකතු කල නිෂ්පාදන රැසක් හඳුන්වා දීම සිදු කෙරුණි. මෙම අවස්ථාවට ඩුබායි කොන්සල් ජනරාල් ගරු ඇලෙක්සි ගුණසේකර මහතාද සහභාගී විය.
A.K.D.රශ්මි පෙරේරා මහතාගේ සභාපතිත්වයෙන් යුතු NRS සමූහ ව්‍යාපාරය එමීර් රාජ්‍යයට ශ්‍රි ලංකාවේ පලතුරු සහ එළවළු අපනයන කරන දැවැන්ත අපනය සමාගමකි. ඩුබායි හි ප්‍රධාන පෙලේ හෝටල් සහ සුපිරි අලෙවි සැල් රැසකට දේශීය පලතුරු සහ එලවලු ආශ්‍රිත නිෂ්පාදන බෙදා හරිනුයේ මෙම සමාගමය. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ශාඛාව ඇතුළු ශාඛා තුනක්ද, ඩුබායි හි ශාඛා දෙකක් සහ මාලදිවයිනේ ශාඛාවක් සතු සමාගම් හයකින් සමන්විත NRS සමූහ ව්‍යාපාරය ශ්‍රී ලාංකේය අභිමානය ජාත්‍යන්තරයට ගෙන යන ව්‍යාපාර ජාලයකි.
ලඟදීම Naturalz සන්නාමය ශ්‍රී ලංකාවටද මෙම සුවිශේෂී අයිස්ක්‍රීම් නිෂ්පාදනය හඳුන්වා දීමට බලාපොරොත්තු වේ.