අමෙ­රි­කානු ජනා­ධි­ප­ති­ව­ර­ණය ජය ­ග­නි­මින් ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා බල­යට පැමි­ණීම ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථි­කය සහ මූල්‍ය පද්ධ­තිය සවි­මත් කිරීම සඳහා අව­ස්ථා­වක් වනු ඇතැයි ආර්ථික හා දේශ­පා­ලන විචා­ර­කයෝ පෙන්වා දෙති.

මේ අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා අමෙ­රි­කානු ජනාධි­ප­ති­ව­රයා ලෙස යළි තේරී පත්වීම ශ්‍රී ලංකාවට ද වැද­ගත් බව කොළඹ විශ්ව­වි­ද්‍යා­ලයේ ශ්‍රීපාලි මණ්ඩ­පයේ මහා­චාර්ය ටියු­ඩර් වීර­සිංහ මහතා පෙන්වා­ දේ.

මීට පෙර තිබූ බල­හ­ත්කාරී බල­පෑ­ම්ව­ලින් ශ්‍රී ලංකාවට නිද­හස් වීමේ හැකි­යාව ඇති­විය හැකි බව පෙන්වා දෙන ඒ මහතා ඔහුගේ ජය­ග්‍ර­හ­ණය මෙරට ආර්ථි­ක­යට ද සුබ­වාදී වනු ඇතැයි කියයි. ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රති­ප­ත්තිය ක්‍රියා­ත්මක කිරී­මට ද ට්‍රම්ප්ගෙන් බල­පෑම් එල්ල නොවනු ඇති බවට අපේක්‍ෂා කරන අතර ශක්ති­මත් අමෙ­රි­කා­වක් අපේක්ෂා කළ­හැකි බව පෙන්වා­දෙන මහා­චා­ර්ය­වරයා ඒ සම­ඟම ගෝලීය මැදි­හ­ත්වී­ම්ලට ඇති ප්‍රවණ­තා­වය සීමා කිරී­මක් විය­ හැකි බවද පසු­ගිය කාලයේ ලොව පුරා සිදුවූ යුද්ධ­යන්ට ප්‍රති­වි­රු­ද්ධව කට­යුතු කරනු ඇතැයි ද විශ්වා­සය පළ­ක­රයි.

ශ්‍රී ලංකාව වැනි රට­ව­ලට ද පසු­ගිය ඩිමො­ක්‍ර­ටික් පක්ෂ පාලන කාලය තුළ එල්ල වූ බල­හ­ත්කා­ර­යෙන් දේශ­පා­ලන, සමාජ, ආර්ථික බල­පෑම් යම්කිසි ආකා­රය­කට නිද­හ­ස්වීමේ හැකි­යාව ලැබෙනු ඇති බවද ඒ අනුව ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථි­කය සහ ජාතික සුරක්ෂි­ත­තාව සහ­ජී­ව­නා­ත්මක පරි­ස­ර­යක් තුළ පවත්වා­ගෙන යාමට හැකි­වනු ඇතැයි ද පව­සයි.

ලංකාවේ ආර්ථි­ක­යට හොඳ ආකා­ර­යෙන් බල­පාන්න හැකි­වනු ඇතැයි ද ඩිමො­ක්‍ර­ටික් පක්ෂය ලෝකය පුරා ගෙන­ගිය මූල්‍ය ධන­වා­දය ඔස්සේ ලංකාව වැනි ආර්ථි­ක­යන් හැකි­ළ­වීම හා ඒ ඔස්සේ අමෙ­රි­කානු මූල්‍ය ආර්ථි­කයේ සිර­ක­රු­වෙක් බවට මෙන්ම ඒ සඳහා සප­යන ක්ෂේත්‍ර බවට පාවිච්චි කිරීමේ යුගය අව­සන් විය­හැකි බවද ඒ නිසාම අපේ රට­වල මූල්‍ය ආර්ථි­ක­යට වඩා නිෂ්පා­දන ආර්ථි­ක­යට ප්‍රමු­ඛ­ත්වය දෙන වැඩ­පි­ළි­වෙ­ළක් ක්‍රියා­ත්මක කිරී­මට අව­ස­ථාව ලැබෙනු ඇතැයි ද කියා සිටියේය.

පෙර­දිග, බට­හිර මෙන්ම ලෝකයේ සෑම සංවි­ධා­නයක් සම­ඟම සමව කට­යුතු කර­මින් ලංකාවේ විදේශ ප්‍රති­ප­ත්තිය ක්‍රියා­ත්මක කිරී­මට මෙන්ම ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථි­කය සවි­මත් කිරීම සහ මූල්‍ය පද්ධ­තිය ශක්ති­මත් කිරී­මට හැකි­වනු ඇතැයි ද හෙතෙම විශ්වා­සය පළ­ක­රයි.

Share.

Comments are closed.

Exit mobile version