පසු­ගිය වසරේ දී නැඟෙ­න­හිර පළා­තට ශ්‍රී ලංකා රුපියල් කෝටි 235ක පමණ බහු ආංශික නව ප්‍රදාන පැකේ­ජ­යක් ලබා­දී­මට එකඟ වී ඇති බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොම­සා­රිස් සන්තෝෂ් ජා මහතා ප්‍රකාශ කරයි. මෙම පැකේ­ජය යටතේ ජීවනෝ­පාය ව්‍යාපෘති 33ක් සඳහා සහ­යෝ­ගය ලබා­දීම වෙනු­වෙන් රාමු­වක් නිම කිරීමේ කට­යුතු අවසන් අදි­යරේ පව­තින බව ද ඒ මහතා පෙන්වා දෙයි.

ඉන්දීය ප්‍රදාන යටතේ ඉදි­කළ මඩ­ක­ළ­පුව ශික්ෂණ රෝහලේ ශල්‍ය ඒක­කය ජනතා අයි­ති­යට පත් කිරීමේ අව­ස්ථා­වට එක්වෙ­මින් ඉන්දීය මහ කොමසා­රි­ස්ව­රයා මේ බව සඳ­හන් කළේය.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොම­සා­රිස් සන්තෝෂ් ජා සහ සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ ලේකම් වෛද්‍ය පාලිත මහී­පාල මහ­ත්ව­රුන් විසින් මඩ­ක­ළ­පුව ශික්ෂණ රෝහලේ අලු­තින් ඉදි­කළ ශල්‍ය ඒක­කය ජනතා අයි­ති­යට පත්ක­රන ලද අතර මඩ­ක­ළ­පුව දිසා­පති මුර­ලිද­රන්,නැඟෙ­න­හිර පළාත් සෞඛ්‍ය ලේකම් සහ නාග­රික කොම­සා­රිස් සිව­ලිං­ගම්, මඩ­ක­ළ­පුව ශික්ෂණ රෝහලේ අධ්‍ය­ක්ෂිකා වෛද්‍ය කලා­රං­ජනී ගනේ­ෂ­ලිං­ගම් මහත්ම මහ­ත්මීන් ද ශ්‍රී ලංකා සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ සහ මඩ­ක­ළ­පුව දිස්ත්‍රික් පරි­පා­ල­නයේ ජ්‍යෙෂ්ඨ නිල­ධා­රීන් සහ මඩ­ක­ළ­පුව ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩ­ලය ඇතුළු පිරි­සක් මේ අව­ස්ථා­වට සහ­භාගි වූහ.

මඩකලපු ශික්ෂණ රෝහල

රෝහලේ පහ­සු­කම් සීමිත වීම හේතු­වෙන් ඉතා දීර්ඝ කාල­යක් පොරොත්තු ලේඛ­නයේ රැඳී සිටී­මට රෝගීන්ට සිදුව තිබිණ. ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම මත ඉන්දීය රජය නව ශල්‍ය ඒක­ක­යක් ඉදි­කි­රීම සඳහා සහ­යෝ­ගය ලබා­දී­මට එකඟ විය. මේ ව්‍යාපෘ­තිය සඳහා ශ්‍රී ලංකා රුපි­යල් මිලි­යන 275ක ඉන්දීය ප්‍රදා­න­යක් ලබා­දීම වෙනු­වෙන් වන අව­බෝ­ධතා ගිවි­සුමට 2016 පෙබ­ර­වාරි මස අත්සන් තබන ලද අතර අන­තු­රුව ඉන්දීය රජය අම­තර අර­මු­දල් ද මේ සඳහා යෙදවූ අතර ව්‍යාපෘ­තිය සඳහා ඉන්දීය රජය ලබා­දුන් සමස්ත සහ­යෝ­ගය ශ්‍රී ලංකා රුපි­යල් මිලියන 302කි.

නවී­න­තම තාක්ෂ­ණ­යෙන් යුත් ශල්‍යා­ගාර හත­ර­කින් සහ දැඩි සත්කාර ඇඳන් 10කින් සම­න්විත දෙම­හල් ගොඩ­නැ­ඟි­ල්ලක් සහ අත්‍ය­වශ්‍ය යටි­තල පහ­සු­කම් මේ ව්‍යාපෘ­ති­යට ඇතු­ළත් වෙයි.මෙයට අම­ත­රව රෝහල් අධි­කා­රියේ ඉල්ලීම් මත පද­නම්ව ඉන්දීය රජය අසල වකු­ගඩු ඒක­කයේ සිට නව ශල්‍ය ඒක­කය වෙත විදු­ලි­ජ­නක යන්ත්‍ර ද, වෛද්‍ය වායු සහ විදුලි පද්ධ­තීන් ඒකා­බද්ධ කිරීම වැනි විවිධ අම­තර කර්ත­ව්‍ය­යන් සඳහා ද අනු­මැ­තිය ලබා දී ක්‍රියා­වට නැංවීය.

Share.

Comments are closed.

Exit mobile version