ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන්වන සමාලෝචනය සිදු කිරීම සඳහා නියෝජිත කණ්ඩායමක් ලබන සතියේ දිවයිනට පැමිණීමට නියමිතය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කණ්ඩායම දිවයිනට පැමිණෙන බව සඳහන් වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම යටතේ තුන්වන සමාලෝචනය සිදු කිරීමට නියමිතව ඇත.
මෙම සමාලෝචනයෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට මීළග ණය වාරිකය ලබාදීම සිදු කෙරේ.

Share.

Comments are closed.

Exit mobile version