නොවැළැක්විය හැකි හේතුවක් නිසා ගුවන් වාර කිහිපයක් අවලංගු කිරීමට සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය සිය කණගාටුව ප්‍රකාශ කර ඇත.
ගුවන් යානා කීපයකට බලපෑ තාක්ෂණික දෝෂ හේතුවෙන් පසුගිය දින කිහිපය තුළ ගුවන් ගමන් කිහිපයක් අවලංගු කෙරුණි.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළේ, සෑම අවස්ථාවකදීම මගී ආරක්ෂාව අපගේ ඉහළම ප්‍රමුඛතාවය ලෙස සලකන බවය.
මෙම ගැටලු නිරාකරණය කර සාමාන්‍ය මෙහෙයුම් යථා තත්ත්වයට පත් කිරීමට උනන්දුවෙන් සිටින බව ද එම සමාගම සඳහන් කලේය.
අපගේ වටිනා ගුවන් මගීන්ට සිදු වූ අපහසුතාවය පිළිබඳව අපි සමාව අයදින අතරම ගනුදෙනුකරුවන්ගේ ඉවසීම අගය කරන බව ද ශ්‍රී ලංකන් ගුවන් සේවය කියා සිටියේය.
ගුවන් ගමන් වාර අවලංගුවීම හේතුවෙන් අපහසුතාවයට පත් වූ මගීන්ට අවශ්‍ය වූ ආහාර සහ නවාතැන් පහසුකම් සපයා දී ඇති බව සඳහන් වේ.
සියලු දෙනාම ඔවුන්ගේ අවසන් ගමනාන්ත වෙත රැගෙන යාමට වෙහෙස මහන්සි වී කටයුතු කරන බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම වැඩිදුරටත් සඳහන් කළේය.