රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ‘කඩුලු ත්‍රිත්වයක්‘ ලැබූ පළමු ක්‍රීඩකයා ලෙස නවසීලන්ත වේග පන්දු යවන ලොකී ෆර්ගසන් වාර්තා පොතට එක් වෙයි. ශ්‍රී ලංකා කණ්ඩායමට දැඩි පීඩනයක් එල්ල කළ 33 හැවිරිදි ෆර්ගසන් ඕවර් 2ක් යවා ලකුණු 7කට කඩුලු 3ක් පිට පිට පන්දු 3කදී බිඳ හෙළීමට සමත්විය. එලෙස කඩුලු ත්‍රිත්වයක් වාර්තා කළ නවසීලන්ත 6 වැනි පන්දු යවන්නා ලෙස ඔහු ඉතිහාසයට එක් වූවේය. ඔහුගේ කඩුලු ත්‍රිත්වයට කුසල් ජනිත්, කමිදු මෙන්ඩිස් සහ චරිත් අසලංකගේ කඩුලු අයත් විය.
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා පිල මුලින් පන්දු රැකීමට තීරණය කළ හෙයින් නවසීලන්ත පිල ඕවර් 19.3කදී ලකුණු 108ක් ලබාගත් අතර, ශ්‍රී ලංකා පිලේ සියලු දෙනා ලකුණු 103කට දැවී ගියහ. පැතුම් නිස්සංක තම විස්සයි20 ක්‍රිකට් දිවියේ 13 වැනි අර්ධ ශතකය පන්දු 51කදී හතරේ 6ක් සමඟ ලකුණු 52කින් වාර්තා කළේය.
නවසීලන්තය සියලු දෙනා දැවී ලකුණු 108යි (ඕවර් 19.3) විල් යංග් 30, මිචෙල් සැන්ටර් 19, ජෝජ් ක්ලාක්සන් 24, අතිරේක 19 (නුවන් තුෂාර 22/2, මහීෂ් තීක්ෂණ 16/1, වනිඳු හසරංග 17/4, මතීෂ පතිරණ 11/3)
ශ්‍රී ලංකා පිල සියලු දෙනා දැවී ලකුණු 103යි (ඕවර් 19.5) පැතුම් නිස්සංක 19, භානුක රාජපක්ෂ 15, මහීෂ් තීක්ෂණ 14 (ෆර්ගියුසන් 7/3, මචෙල් බෘස්වෙල් 23/2, ග්ලේන් පිලිප්ස් 6/2)