ඊශ්‍රායලය ගාසා තීරයේ ජන සංහාරයක් සිදු කරමින් සිටින බව සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු පවසයි. ඔහු ඒ බව සඳහන් කළේ සමුළුවකට එක්වෙමිනි.

එහිදී බින් සල්මාන් කුමරු ඊශ්‍රායලය විසින් ඉරානයට සහ ලෙබනනයට ප්‍රහාර එල්ල කිරීම ද දැඩි ලෙස විවේචනය කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහු මෙලෙස ඊශ්‍රායල ප්‍රහාර එල්ල කිරීම් ප්‍රසිද්ධියේ විවේචනයට ලක් කළ පළමු අවස්ථාව මෙය බවයි.
ඉරානයට ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් ඔහු ඊශ්‍රායලයට අනතුරු අඟවීම් කළ බව ද සඳහන් විය.

ගාසා තීරයෙන් සහ බටහිර ඉවුර ප්‍රදේශයෙන් ඊශ්‍රායල හමුදා කඩිනමින් ඉවත් විය යුතු බව ද ඔහු ප්‍රකාශ කර තිබේ.

Share.

Comments are closed.

Exit mobile version