මහ මැතිවරණය වෙනුවෙන් අද (13දා) සහ හෙට (14දා) මැතිවරණ රාජකාරි කටයුතු සඳහා ශ්‍රී ලංගම හා පෞද්ගලික බස් රථ 2017ක් යොදවන බව ප්‍රවාහන බලධාරීහු පැවසූහ.

ඡන්ද පෙට්ටි ප්‍රවාහනයට හා මැතිවරණ රාජකාරියේ නිරත වන නිලධාරීන් ප්‍රවාහනය කිරීමට ලංගම බස් රථ 1017ක් යොදවන බව එහි සභාපති රමාල් සිරිවර්ධන මහතා පැවසීය.

මීට අමතරව පොලිස් නිලධාරීන් ප්‍රවාහනය සඳහා ලංගම බස් රථ 290ක් යොදවා ඇතැයි ද දිවයින පුරා ඇති ලංගම ඩිපෝ 107කින් මෙම බස් රථ යොදවන බව ද ඒ මහතා සඳහන් කලේය.

තවද මැතිවරණ රාජකාරි කටයුතු සඳහා පෞද්ගලික බස් රථ 700ක් ලබාදී ඇති අතර ඒවා සඳහා මුදල් ගෙවා ඇති බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියයි.

Share.

Comments are closed.

Exit mobile version