2024 මහමහැතිවරණය සඳහා අපේක්ෂකයන් 8361 දෙනෙකු ඉදිරිපත් වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

දේශපාලන පක්ෂ 408ක් සහ ස්වාධීන කණ්ඩායම් 282ක් නාමයෝජනා භාරදී ඇති බව සඳහන් වේ.
එමෙන්ම පිළිගත් දේශපාලන පක්ෂ 27ක් සහ ස්වාධීන කණ්ඩායම් 02ක් ජාතික ලැයිස්තු නාමයෝජනා භාරදී ඇත.

ඒ අනුව එම සමස්ත අපේක්ෂකයන් සංඛ්‍යාව 527කි. 2024 ඡන්දහිමි නාමලේඛනය අනුව ඡන්දදායකයින් 17,140,354ක් ලියාපදිංචිවී සිටිති.

ගෘහ ඒකක 6,476,670ක් ලියාපදිංචි කර ඇති බව සඳහන් වේ.
ඡන්ද කොට්ඨාස 13,314ක් ස්ථාපිත කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේය.

මහමැතිවරණයට අදාළ ඡන්දය ප්‍රකාශ කිරීම පෝලිම් 13,421ක සිදු වේ. ඡන්ද මධ්‍යස්ථාන සඳහා නිලධාරින් 152,000ක් යොදවා ඇත.

එම මධ්‍යස්ථාන සඳහා යොමු කර ඇති පොලිස් නිලධාරින් සංඛ්‍යාව 27,000කි. ඡන්දය ගණන් කිරීමේ පරිශ්‍ර 54ක් ද සාමාන්‍ය ඡන්ද ගණන් කිරීමේ ශාලා 1582ක් ද පිහිටුවා ඇති බව සඳහන්ය.

තැපැල් ඡන්ද ගණන් කිරීමේ ශාලා 452ක් ස්ථාපිත කර තිබේ. සම්පූර්ණ ගණන් කිරීමේ ශාලා 2034ක් සහ ප්‍රතිඵළ ප්‍රකාශ කිරීමේ මධ්‍යස්ථාන 22ක් පිහිටුවා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.
ඡන්ද ගණන් කිරීමේ ශාලාවලට යොදවන නිලධාරින් සංඛ්‍යාව 80,000කට ආසන්නය.

Share.

Comments are closed.

Exit mobile version