Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»World news»ස්විට්සර්ලන්තයේ විශ්ව විද්‍යාල වලට විදේශීය ශිෂ්‍යයින් බඳවා ගැනීමට සීමාවක් 
World news

ස්විට්සර්ලන්තයේ විශ්ව විද්‍යාල වලට විදේශීය ශිෂ්‍යයින් බඳවා ගැනීමට සීමාවක් 

kumudikaBy kumudikaNovember 16, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ලොව ඉහලම මට්ටමේ ඉංජි­නේ­රු­ව­රුන් සහ විද්‍යාඥ­යන් බිහි කරන ලොව කීර්ති­මත්  විශ්ව විද්‍යාල­යක් ලෙස ප්‍රකට ස්විට්ස­ර්ල­න්තයේ සූරිච් තාක්ෂණ විශ්ව­වි­ද්‍යා­ල­යට චීනය ඇතුළු විදෙස් රට­වල සිසුන් ඇතු­ළත් කර­ගැ­නීම සීමා කිරී­මට පිය­වර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ස්විට්ස­ර්ල­න්තයේ ජාතික ආර­ක්ෂාව සැල­කි­ල්ලට ගෙන මේ පිය­වර ගෙන ඇතැයි ද, එය දැඩි විවේ­ච­න­යට ලක්වී ඇතැයි ද එම මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි. සූරිච් තාක්ෂණ විශ්ව­වි­ද්‍යා­ලය ගත් මේ පියවර දැඩි විවේ­ච­න­යට ලක් කර­මින් වසර ගණ­නාවක් පුරා ස්විට්ස­ර්ල­න්තයේ සේවය කළ චීන විද්‍යා­ඥ­යකු එම තීර­ණය වෙනස් කොට සැල­කී­මක් බවට හඳුන්වා දී ඇතැයි ද වාර්තා වේ.

සිය නව­තම ආර­ක්ෂක පිරි­ක්සුම් ප්‍රති­ප­ත්තිය පසු­ගියදා ප්‍රකා­ශ­යට පත් කර­මින් සූරිච් තාක්ෂණ විශ්ව­වි­ද්‍යා­ලය ගත් මේ පිය­වර ආචාර්ය උපාධි හා ශාස්ත්‍ර­පති උපාධි අපේ­ක්ෂා­වෙන් පසු­වන නවක සිසුන්ට දැඩි බල­පෑ­මක් එල්ල කරනු ඇති බවත් වාර්තා වේ.

රටේ ආර­ක්ෂාව සැල­කි­ල්ලට ගෙන විදෙස් රට­වල සිසු­ සි­සු­වි­යන් වැඩි­දුර අධ්‍යා­ප­නය සඳහා ඇතු­ළත් කර ගැනීම සීමා කර­මින් සූරිච් තාක්ෂණ විශ්ව­වි­ද්‍යා­ලය ඇගැ­යීම් නිර්ණා­යක 4ක් හඳුන්වා දී ඇති අතර, එම නිර්ණා­යක අනුව උපන් රට, ජාති­ක­ත්වය සහ පදිංචි ස්ථානය, මීට පෙර අධ්‍යා­ප­නය ලැබූ ආය­තන මෙන්ම  සම්බා­ධක පන­වනු ලැබූ රට­කින් ශිෂ්‍ය­ත්ව­යක් ලැබී තිබේ­දැයි යන්න එම නිර්ණා­ය­ක­ව­ලට ඇතු­ළත් වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය.

Asia Featured World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleලෝක කුසලාන කැරම් තරඟාවලියෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම්
Next Article ඩිල්ෂාන් ඇතුළු මැතිවරණයට තරඟ කල ක්‍රීඩකයින් රැසකට පරාජය
kumudika

Related Posts

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.