මෙවර පාර්ලි­මේන්තු මැති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් නායක ටී.එම්. ඩිල්ෂාන් හා ජාතික තලයේ ක්‍රීඩා කළ ක්‍රීඩ­ක­යන් කිහි­ප­දෙ­න­කුම පරා­ජ­යට පත්ව තිබේ. හිටපු වොලිබෝල් ක්‍රීඩකයෙකු වන ශාන්ත බණ්ඩාර මහතා කුරු­ණෑ­ගල දිස්ත්‍රි­ක්ක­යෙන් ගෑස් සිලින්ඩරය යටතේ තරග කොට පරා­ජ­යට පත්වූ අතර, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංග­මයේ හිටපු උපසභාපති හා මීටර් 100 ජාතික තලයේ හිටපු ක්‍රීඩක අනිල් වීර­සිංහ මහතා පුත්ත­ලම දිස්ත්‍රි­ක්ක­යෙන් පොහො­ට්ටුව යටතේ තරග කොට පරා­ජ­යට පත් විය.

මෙයට අම­ත­රව මෑත­කදී මලල ක්‍රීඩා­වෙන් විශ්‍රාම ගත් ෂෙහාන් අඹේ­පි­ටිය ‘පද­ක්කම’ යටතේ ජාතික ලැයි­ස්තු­වෙන් ඉදි­රි­පත් වී සිටි­යද ඔහුට ද අවස්ථාවක් හිමි නොවනු ඇතැයි වාර්තා වේ.

කළු­තර දිස්ත්‍රි­ක්ක‍‍යෙන් ‘මයි­ක්‍ර­ෆෝ­නය’ යටතේ තරග කළ හිටපු ක්‍රිකට් නායක ටී.එම්. ඩිල්ෂාන් මහතා නියෝජනය කල පක්ෂ­යට කළු­තර දිස්ත්‍රික්ක­යෙන්ම ලැබී ඇති මුළු ඡන්ද සංඛ්‍යාව 7090ක් පමණි. එය 1.04%ක පමණ සුළු ප්‍රතිශතයක් වීම කැපී පෙනේ. ශ්‍රී ලංකාව වෙනු­වෙන් ටෙස්ට් තරග 87කට හා එක්දින තරග 330කට සහභා­ගිවූ ඩිල්ෂාන් විස්සයි20 තරග 80කට ක්‍රීඩා කළේය. නමුත් මෙවර මැති­ව­ර­ණ­යේදී ජන­තාව පුද්ගල ජනප්‍රියත්වයට ප්‍රති­චාර දක්වා නැති බව පැහැදිලි වේ.

Share.

Comments are closed.

Exit mobile version