ශ්‍රී ලංකාවේ 10 වන පාර්ලිමේන්තුවට තේරී පත් වූ සියලු මන්ත්‍රීවරු ලියාපදිංචි කිරීම 19 සහ 20 දෙදින තුළ සිදු කිරීමට අවශ්‍ය කටයුතු සිදු කර ඇතැයි පාර්ලිමේන්තු වැඩබලන මහලේකම් නීතීඥ චමින්ද කුලරත්න මහතා පවසයි.

එම දින දෙක තුළ පෙරවරු 9.30 සිට පස්වරු 3.30 දක්වා පාර්ලිමේන්තුවේ විශේෂ කවුළු විවෘත කර තිබේ.

එමෙන්ම පාර්ලිමේන්තුවට පත්වන නවක මන්ත්‍රීවරුන් ඇතුළු සියලු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ තෙදින වැඩමුළුවක් එළඹෙන 25, 26 සහ 27 දින වල පාර්ලිමේන්තුවේ දී කටයුතු පැවැත්වීමට කටයුතු යොදා ඇති බව සඳහන් වේ.

නව පාර්ලිමේන්තුව ලබන 21 වනදා උදෑසන 10.00 ට රැස්වීමට නියමිතය.

Share.

Comments are closed.

Exit mobile version