මහ මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශ කළ දිනයේ සිට සතියක කාලයක් පවතින පශ්චාත් මැතිවරණ කාලසීමාව තුළ රට පුරා පොලීසිය සීරුවෙන් තබා ඇති බව පොලීසිය දැනුම් දෙයි.
මෙම කාලය තුළ පොදු ස්ථානවල රැස්වීම් පැවැත්වීම, පෙළපාලි යෑම ආදිය සිදු කිරීම තහනම් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කලේය.
දිවයින පුරාම ජංගම සංචාරවල යෙදීමෙන් අවශ්‍ය ආරක්ෂාව ලබා දීමට කටයුතු කරන බවත්, විශේෂයෙන් හඳුනාගත් පොලිස් වසම්වලට විශේෂ ආරක්ෂාවක් සැපයීමට කටයුතු කරන බවත් ඔහු පැවසීය.
පූර්ව මැතිවරණ කාලසීමාව තුළ මැතිවරණ නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 581ක් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.