Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ශ්‍රී ලංකන් ගුවන් යානා තුනකට එකවර දෝෂ
Sri Lankan news

ශ්‍රී ලංකන් ගුවන් යානා තුනකට එකවර දෝෂ

kumudikaBy kumudikaNovember 18, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර තවත් ගුවන් ගමන් වාර කීපයක් ප්‍රමාද වීම් වලට ලක් වී ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවා ප්‍රකාශකවරයෙක් පැවසීය .

සෑම ගුවන් යානයක්ම තම ගුවන් ගමන නිමා කිරීමෙන් පසු තාක්ෂණික ඇගැයීම් පරීක්ෂා කිරීමකට ලක් කෙරෙන අතර , එහිදී ඇතැම් ගුවන් යානාවල සිදු කළ යුතු අත්‍යාවශ්‍ය තාක්ෂණික නඩත්තු කිරීම් සදහා , තරමක කාළයක් ගත වන බවත් , ඒ අනුව මෙම ගුවන් යානා 03 එම තාක්ෂණික නඩත්තු කටයුතු සදහා යොමු කර ඇති බව ද එම ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කලේය.

17 වන දා රාත්‍රී 06.35 ට ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 123 දරන ගුවන් ගමන සහ යළිත් රාත්‍රී 10.15 ට චෙන්නායි සිට කටුනායක වෙත පැමිණීමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 124 ගුවන් ගමන අවලංගු කර තිබේ.

මීට අමතරව 17 රාත්‍රී 10.10 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 196 දරන ගුවන් ගමන සහ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට 17 දින රාත්‍රී 10.20 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිත ගුවන් ගමන ද අවලංගු කර ඇත.

මේ පිළිබඳ ශ්‍රී ලන්කන් ගුවන් සේවය, මෙම ගුවන් යානා වලින් ගමන් පහසුකම් සළසා ගන්නා මගීන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇති අතර , කඩිනමින් මෙම ගුවන් ගමන්වල නිරත වීමට අවශ්‍ය ගුවන් මගීන් , වෙනත් විකල්ප ගුවන් යානා මගින් , එම ගමනාන්තයන් වෙත යොමු කිරීමට ද ශ්‍රී ලන්කන් ගුවන් සේවය පියවර ගෙන තිබේ.

එසේම මෙම ගුවන් යානා තාක්ෂණික දෝෂ වලට ලක් වීම නිසා , හෙට දින අලුයම 12.00 න් පසු ක්‍රියාත්මක වීමට නියමිත තවත් ශ්‍රී ලන්කන් ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කිරීමට සහ ප්‍රමාද වීමට නියමිත අතර , ඒ ගුවන් ගමන් පිළිබඳ කාළසටහන මේ වනතෙක් ප්‍රකාශයට පත් කර නොමැත .

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඅගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි
Next Article ජනාධිපති යටතට ප්‍රධාන අමාත්‍යාංශ තුනක්
kumudika

Related Posts

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.