මෙවර මහ මැතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් සඳහා හිටපු ඇමැතිවරයකු වන රවි කරුණානායක මහතාව පත් කිරීමට තීරණය වී ඇත. ඒ අනුව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ලේකම් ශාමිලා පෙරේරා මහත්මිය විසින් ඊයේ (18) දිනයේදීම මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට මේ පිළිබඳ ලිඛිතව දැනුම් දී ඇත.

අනෙක් මන්ත්‍රී ධුරය සඳහා ඉදිරියේ දී සුදුස්සෙකු නම් කිරීමට කටයුතු කරන බව ද ශාමිලා පෙරේරා මහත්මිය විසින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට යොමු කර ඇති ලිපියේ වැඩිදුරටත් සඳහන්ව තිබේ.

Share.

Comments are closed.

Exit mobile version