අමාත්‍යංශ 16ක් සඳහා ලේකම්වරු පත්කිරීම ඊයේ (19) පස්වරුවේ සිදුවිණි.

ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම පත් කිරීම සිදු කළේය.

පත්කරන ලද ලේකම්වරුන් මෙසේය.

• අග්‍රාමාත්‍ය ලේකම් – ජී.පී සපුතන්ත්‍රී මහතා

• අමාත්‍ය මණ්ඩල ලේකම් – ඩබ්ලිව්.එම්.ඩී.ජේ. ප්‍රනාන්දු මහතා

• ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සී. කේ පෙරේරා මහතා – ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය

• කේ. එම්. එම් සිරිවර්ධන මහතා – මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය

• ජේ. එම් තිලකා ජයසුන්දර මහත්මිය – කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය

• ඒ. එම්. පී. එම්. බී අතපත්තු මහතා – බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය

• බී. කේ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා – වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය

• එච්. එස්.එස් තුයියකොන්තා මහතා – ආරක්ෂක අමාත්‍යාංශය

• ඩී. ඩබ්ලිව්. ආර්. බී සෙනෙවිරත්න මහතා – මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය

• යූ. ජී රංජිත් ආරියරත්න මහතා – නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය

• මහාචාර්ය කේ.ටී. එම් උදයංග හේමපාල මහතා – බලශක්ති අමාත්‍යාංශය

• එස්. ආලෝක බණ්ඩාර මහතා – රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය

• එස්. එම් පියතිස්ස මහතා – කම්කරු අමාත්‍යාංශය

• ඒ. විමලේන්තිරරාජා මහතා – වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය

• ඩී. පී වික්‍රමසිංහ මහතා – කෘෂිකර්ම, පශු සම්පත් , ඉඩම් සහ වාර්මාර්ග අමාත්‍යාංශය

• කේ. එම්. ජී. එස්. එන් කලුවැව මහතා – අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය

• ඒ. එච්. එම්. යූ අරුණ බණ්ඩාර මහතා – තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය

• අරුණි රණරාජා මහත්මිය – විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය

Share.

Comments are closed.

Exit mobile version