පළාත් පාලන මැති­ව­ර­ණය ලබන වසර මුල පැවැත්වී­මට සැල­සුම් කර ඇතැයි විදේශ කට­යුතු, විදේශ රැකියා සහ සංචා­රක අමාත්‍ය විජිත හේරත් මහතා පව­සයි. පළාත් පාලන මැති­ව­රණ පනත සංශෝ­ධ­නය කර අලු­තින් නාම­යෝ­ජනා කැඳවා පළාත් පාලන මැති­ව­ර­ණය පැවැ­ත්වීම වඩා සුදු­සුය යන මතයේ රජය සිටින බවත් ඒ සම්බ­න්ධව පාර්ලිමේ­න්තුව තුළ අනෙ­කුත් පක්ෂ සමඟ සාකච්ඡා කර තීර­ණ­යක් ගන්නා බවත් ඒ මහතා පැවසීය.

අකු­රණ ප්‍රදේ­ශ­යේදී මාධ්‍ය හමුවේ අද­හස් දක්ව­මින් අමාත්‍ය විජිත හේරත් මහතා මෙසේද පැව­සු­වේය.

පළාත් පාලන මැති­ව­ර­ණය ඉක්ම­නින් පව­ත්වන ලෙස ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය තීන්දු­වක් ලබා දී තිබෙනවා. එම ඡන්දය මේ අවු­රුද්දේ පව­ත්වන්න ප්‍රති­පා­දන වෙන් කරලා නැහැ. ඒ නිසා ලබන වසරේ මුල පළාත් පාලන මැති­ව­ර­ණය පව­ත්වන්න අපි සූදාන­මින් ඉන්නවා. නාම­යෝ­ජනා කැඳ­වූ­වත් මැති­වර­ණය වසර දෙකක පමණ කාල­යක් තිස්සේ පැවැත් වුණේ නැහැ. මේ වන­විට නාම­යෝ­ජනා ලබා­දුන් ඇතැම් අය මිය ගිහින්. තවත් අය විදේශ ගත­වෙලා. සම­හර අය දේශ­පා­ලන වශ­යෙන් වෙනස් වෙලා. පාර්ලි­මේ­න්තුව තුළ අනෙ­කුත් පක්ෂ සමඟ සාකච්ඡා කරලා පළාත් පාලන මැති­ව­රණ පනත සංශෝ­ධ­නය කරලා අලු­තින් නාම­යෝ­ජනා කැඳ­වලා ප්‍රාදේ­ශීය සභා මැති­ව­ර­ණය පව­ත්ව­නවා නම් හොඳයි කියන මතයේ අපි ඉන්නවා. ඒ සඳහා සෙසු පාර්ශ්ව­යන්ගේ අද­හස් විම­සලා පනත සංශෝ­ධ­න­ය­කින් පසුව මැති­ව­ර­ණ­ය­කට යන්න පුළු­වන් ද කියන තත්ත්වය අපි විමසා බල­මින් සිටි­නවා. ඒක ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ තීන්දු­වක් එක්ක ගැටෙන්නේ නැතුව කරන්න පුළු­වන්ද කියලා අපි මැති­ව­රණ කොමි­ස­මෙන් අද­හස් විම­සලා ඉදිරි පිය­වර ගන්න සූදා­නම්.

අය-වැය මාර්තු මුල ඉදි­රි­පත් කළ යුතුයි. ඊට පෙර පළාත් පාලන මැති­ව­ර­ණය පැවැ­ත්වී­මට අපි අද­හස් කර තිබෙ­නවා. දින වක­වානු තාම තීර­ණය කරලා නැහැ. පළාත් සභා මැති­ව­ර­ණය පව­ත්වන්න යම් නීති­මය බාධා­වක් තිබෙ­නවා. සීමා නිර්ණ කොමි­ෂන් සභා වාර්තාව පාර්ලි­මේ­න්තුවේ සම්මත වෙලා නැහැ. පැවැති සමා­නු­පා­තික ක්‍රමය අනුව පළාත් සභා මැති­ව­ර­ණය පැවැ­ත්වීම තමයි වඩාත් සුදුසු කියන ස්ථාව­රයේ තමයි අපි ඉන්නේ. ඒ පිළි­බඳ පාර්ලි­මේ­න්තුව තුළ තීන්දු­වක් ගත යුතුයි. ඒ තීන්දු­වක් එක්ක තමයි පළාත් සභා මැති­ව­ර­ණය පව­ත්වන දිනය තීර­ණය කිරී­මට සිදු වෙන්නේ.”

Share.

Comments are closed.

Exit mobile version