පසුගිය රජයේ අමාත්‍යවරයෙකු නීතිවිරෝධි අයුරින් අත්සන් කරන ලද E-8 වීසා ගිවිසුම නිසා වසර 20ට අධික කාලයක් පුරා විශාල ශ්‍රි ලාංකික තරුණ පිරිසකට හිමිවූ E-9 වීසා කාණ්ඩයේ රැකියා අහිමිවීමේ අවදානමක් ඇති වී තිබෙන බවත්, නීතිවිරෝධි වීසා බලපත්‍ර නීත්‍යානුකූල කිරීමට කිසිදු හැකියාවක් නොමැති බවත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

එසේම පසුගිය සමයේ තමන් විසින් හෙළිකල ගුවන් ටිකට්පත් වංචාවට සම්බන්ධවූ පිරිස් තමන් විසින් ආරම්භ කර ඇති වංචා දූෂණ පිළිබඳව විමර්ශනය කිරීමේ වැඩපිළිවෙල කඩාකප්පල් කිරීම සඳහා මෙවැනි අරගල සිදුකරන බවත් සභාපතිවරයා පැවසීය.

දකුණු කොරියානු E-8 වීසා කාණ්ඩයේ සෘතුමය රැකියා සඳහා පුද්ගලික පාර්ශවයන්ට මුදල් ලබාදුන් පිරිස් බත්තරමුල්ල ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට සිදුකරන උද්ඝෝෂණ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

Share.

Comments are closed.

Exit mobile version